"මුරණ්ඩු ස්ථාවරයක ආණ්ඩුව නෑ" - ලොක්ඩවුන් කරන කතාව ගැන ඩලස් කියයි (VIDEO)

By Wasantha Aug 18, 2021 11:11 AM GMT
Report

ලොක්ඩවුන් නොකළොත් රට වහන තැනට පත් කරනවායැයි වෘත්තීය සමිති කළ ප්‍රකාශය ගැන රජයේ ස්ථාවරය අද(18) පැහැදිලි කළා.

ඒ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය අංශ විසින් ගන්නා තීන්දු බැහැරකිරීමට තරම් රජය මුරණ්ඩු තීරණ නොගන්නා බවයි.

ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදයක් නිර්මාණය වනතුරු බලා නොසිට රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආණ්ඩුව තීරණයක් නොගතහොත් සියලු වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව රට ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බහුජන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසා සිටියා.

එම වීඩියෝව පහතින්,