පහර දීමක් හේතුවෙන් නගර සභා සභාපති පොලිස් දැලේ

ajith rohana municipal council halwatha sedha waththa thushan abeysekara
By Sewvandhi Jul 12, 2021 01:26 AM GMT
Report

හලාවත සේදවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියකට හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙක් හලාවත රෝහල වෙත ඇතුළත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සභාපතිවරයා සහ අනෙක් පුද්ගලයා අද (12) දිනයේ හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now