මද්දට හසු වූ කදුකර කොටියා මිය යයි...

World Veterinary Day Sri Lanka Death Department Of Wildlife
By Parami Dissanayake Sep 01, 2024 06:18 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ කදුකර කොටියකු මන්දක් සමග අලිගැටපේර ගසක පාමුල සිර වි සිටින බව එම වතුයායේ වතු කම්කරුවන් විසින් උදැසන නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.

2025 වසරේ නිවාඩු අති විශේෂ ගැසට්ටුවක් මඟින්...(PHOTOS)

2025 වසරේ නිවාඩු අති විශේෂ ගැසට්ටුවක් මඟින්...(PHOTOS)

මන්දට හසු වි සිටි කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනිමට අවශ්‍ය විම හේතුවෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් ඒ පිලිබදව රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා වෙත දැනුම් දුන් විට පශු වෛද්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුත්තක් සදහා ගොස් තිබුණි.

ඇඹිලිපිටිය නගරයේ ව්‍යාජ ඡන්ද පොළක්...

ඇඹිලිපිටිය නගරයේ ව්‍යාජ ඡන්ද පොළක්...

ඉන් අනතුරුව, ඔහු අනුරාධපුර සිට මස්කෙලිය ලකම් වතුයාය දක්වා පැමිණෙමින් සිටිය දි මන්දට හසු වි සිටි කදුකර කොටියා මියගොස් තිබෙනවා.

නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසුවේ, හොදින් වැඩුණු කදුකර කොටියා මන්දෙන් බේරිමට උත්සහ කිරිමෙන් සහ වැඩි කාලයක් මන්දට හසු වි සිටිමෙන් සිදු වු බරපතල තුවාල නිසා මිය යන්නට ඇති බව ය. 

ReeCha