යතුරු පැදියක් ලොරි රථයක ගැටී අවාසනාවන්ත ලෙස තරුණයෙකු මරුට
නාත්තන්ඩිය මාදම්පේ ප්‍රධාන මාර්ගයේ කුඩා වැව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.
නාත්තන්ඩිය ප්‍රදේශයේ සිට මාදම්පේ දෙස සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක යතුරු පැදිය ගැටීටමෙන් මෙම අනතුර සිදුව තිබුණි .
මාරවිල පොලිසිය සදහන් කළේ එහිදී 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි .
මෙම අනතුරෙන් මිය ගියේ කුඩා වැව කලිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි .