පුළුන් බරයි යකඩ තරම් - මේ දවස්වල හැමෝම කතාවෙන චන්දරේගේ වයිෆ්
චන්දරේගේ වයිෆ් චිත්‍රපටය මේ වන විට දිවයින පුරා තිරගත වෙනවා. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ 'චන්දරේගේ වයිෆ්'සිනමාපට හට මේ වනවිඅට නොමද ප්‍රේක්ෂක ආදරයක් ලැබෙමින් පවතී .
තවද නදීශා හේමමාලී, සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, දුලීකා මාරපන ඇතුළු තවත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.
වෙනස්ම හැඩයක වෙනස්ම ශානරයක චිත්‍රපටයක්වන 'චන්දරේගේ වයිෆ්' සිනමා ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් එක් කරන චිත්‍රපටයකි. ඒ වගේම සංවේදී වූ සියුම් තේමාවක් ඔස්සේ මෙම සිනමාපටය දිග හැරෙයි .
මෙම චිත්‍රපටයේ අභිෂේකා විමලවීර ගායනා කරන 'පුළුන් බරයි යකඩ තරම්' ගීතය මේවන විට බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්ව තිබේ .
ප්‍රසන්න ජයකොඩි පද රචනා කළ මෙම ගීතය සංගීතවත් කළේ එරංග ජයවර්ධන විසිනි.
අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩිගේ සුපුරුදු සංකේතාත්මක රංගන ශෛලිය භාවිතා කර තියෙනවා කියලා ප්‍රේක්ෂකයන්ගේ අදහසයි .
චිත්‍රපටය ගෘහස්ථ කාන්තාවකගේ ජීවිතය, විවාහය, මවකගේ ආදරය සහ දරුවන් වෙනුවෙන් කරන අරගලය ගැන ගැඹුරින් සාකච්ඡා කරන ආදරණීය නාට්‍යමය චිත්‍රපටයකි මිනිස් ජීවිත වල සම්බන්ධතාවල ස්වභාවය මෙම නිර්මාණය තුළින් මොනවට පිලිඹිඹු කරනු ලබයි .
පහතින් එහි Official Movie Trailer එක දැක්වේ.
ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ දෙනෙකු මේක හදවතට බලපාන, ජීවිතය ගැන සිතන්නට තල්ලු කරන චිත්‍රපටයක් වන බව සදහන් වේ
විශේෂයෙන්ම මවකගේ , බිරිඳකගේ අත්දැකීම් ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කර තිබීම නිසා බොහෝ අයට බලපෑමක් ඇති කරලා තියෙනවා.
මේ වනවිට පුරා සිනමාශාලවලින් මෙම චිත්‍රපටය රසවිඳීමේ අවස්ථාව ප්‍රේක්ෂක ඔබට හිමිවේ. ඉතිං මෙතෙක් නොවිදී සුවිශේෂී අත්දැකීමක් විදීමේ අවස්ථාව ඔබට උරුමව තිබේ


