බුරු පොලේ ජයටම ඔට්ටු අල්ලන අම්මයි දුවයි..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 22, 2023 10:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පිළියන්දල පොලීසිය සදහන් කලේ, පිළියන්දල දැල්තර ප්‍රදේශයේ තාප්පයකින් වටවූ සුවිසල් නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

බූරු පොළේ තිබී රුපියල් 73,940 ක මුදලක් සහ බූරු කුට්ටම ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර නිවෙස් හිමි කාන්තාව, ඇයගේ ඥාති දියණියක් සහ එකම පවුලේ මවක් හා දියණියක් ද වන බව පොලීසිය කියයි.

මෙම නිවස වටලන අවස්ථාවේ දී එහි ප්‍රධාන ගේට්ටුව අසල ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනකු රඳවා සිටි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් ඔවුන්ට නොදැනෙන්නට නිවස පිටුපස තාප්පයෙන් නිවසට ගොස් මෙම වැටලීම සිදුකර තිබුණි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha