ගෙවුණු වසරක කාලය තුළ රුපියල් මිලියන 18,000කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්..

By Piyumika Nov 19, 2024 02:45 AM GMT
Report

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 18‍,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

උත්සව සමය ලග ලඟටම ආවා විතරයි එළවළු මිල අහස උසට ....

උත්සව සමය ලග ලඟටම ආවා විතරයි එළවළු මිල අහස උසට ....

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ පසුගියදා සිය නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමග රුපියල් මිලියන 18,790කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවය.

පසුගිය නොවැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 46කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගැනුණි.

පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සිංහයන්ට හැකිවේවිද.. නවසීලන්ත - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අදයි..

පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සිංහයන්ට හැකිවේවිද.. නවසීලන්ත - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අදයි..

එම යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගත් අතර ඔවුන් ඊයේ දිනයේ ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය.

එම ධීවරයින් වයස අවුරුදු 23ත් 33ත් අතර ගන්ධර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය තොගය සමග බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාරදුන් බවයි.