පානම කදුළින් තෙත්කළ හිමිනමගේ අපවත්වීම ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි

Report

පානම, බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමක් කොටියෙකුගේ සපාකෑමක් හේතුවෙන් අපවත්වීම ගැන තවත් කරුණු අනාවරණය වී තිබේ.

 මෙලෙස අපවත්වී ඇත්තේ වයස අවුරුදු 43ක් වූ චෙක් ජාතික හිමිනමක් වේ උන් වහන්සේ මෙම සිද්ධියට ඊයේ (26) දින උදෑසන මුහුණ පා තිබුණි

කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපති පැල්වත්තේ බුද්ධවංශ හිමියන් ප්‍රකාශ කළේ මෙරට හිමිවරු දෙනමක් සමග අපවත්වූ හිමිනම වසරක කාලයක සිට කුඩුම්බිගල සහ බඹරගස්තලාව ඓතිහාසික පුදබිම්වල භාවනායෝගිව වැඩවිසූ බවයි .

මෙලෙස අපවත්වූ හිමි නම 2021 වසරේදී කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට වැඩම කර මාසයක් කාලයක් එහි සිට යළි සිය රට බලා පිටව ගොස් තිබූ බව වාර්තා විය.

භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමකට වූ දරුණු ඛේදවාචකය - හදිසියේ අපවත් වෙති

භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමකට වූ දරුණු ඛේදවාචකය - හදිසියේ අපවත් වෙති

උන් වහන්සේ සඳහන් කළේ ඉන් පසුව යළිත් 2025 වසරේ ජනවාරි මස 20 වෙනි දින ලංකාවට වැඩම කර බඹරගස්තලාව ආරණ්‍ය සෙනසුනේ වැඩ සිටි බවයි.

අපවත්වූ හිමියන් නන්ද ලෙස හැදින්වූ බවද සඳහන්ය.

මේ වනවිට පානම පොලිස් ස්ථානයේ නිලධාරින් සහ වනජීවි නිලධාරින් එම ස්ථානයට ගොස් මරණ පරික්ෂණයෙන් පසුව දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා අම්පාර මහ රෝහල වෙත රැගෙන ඒමට නියමිතව ඇත. මෙම සිදුවීම පිළිබද පානම පොලිසිය විසින් තව දුරටත් විමර්ශන සිදුකරනු ලබ‍යි.

අවුරුද්දට රස කැවිලි මිල වැඩි වෙයිද? ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමය කට අරියි

අවුරුද්දට රස කැවිලි මිල වැඩි වෙයිද? ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමය කට අරියි