අසීමාන්තික දඩ නිසා ගල් අඟුරු සමාගම බංකොලොත් වුවහොත් රටට ගල් අඟුරු නොලැබෙනවා – බිමල්

Report

ගල් අඟුරු සපයන සමාගමට අසීමාන්තික දඩු මුදල් පැනවීම නිසා එම සමාගම බංකොලොත් බව ප්‍රකාශ කළහොත්, රටට ගල් අඟුරු සැපයුම සම්පූර්ණයෙන්ම නතර වීමේ බරපතළ අවදානමක් ඇති බවප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා  පෙන්වා දුන්නේ.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගෙනා ගල් අඟුරු බාල බව පරීක්ෂණාගාර පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත්, ඒ නිසා සමාගම දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට (රුපියල් කෝටි හයසීයකට වැඩි) ආසන්න දඩු මුදලක් ගෙවා ඇති බවත්ය. “ගල් අඟුරු ටෙන්ඩර් එක හරියට කරලා තියෙනවා. පරීක්ෂණවලින් බලශක්තිය අඩු බව ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා දඩු ගෙවලා තියෙනවා.

ඉරාන යුද්ධයේ බලපෑමෙන් ඉන්දියාවේ පෙට්‍රල් ඩීසල් බදු විශාල ලෙස අඩු වෙයි

ඉරාන යුද්ධයේ බලපෑමෙන් ඉන්දියාවේ පෙට්‍රල් ඩීසල් බදු විශාල ලෙස අඩු වෙයි

නමුත් අසීමාන්තික දඩ නිසා සමාගම ‘මම බංකොලොත්’ කිව්වොත්, අපිට නඩු කියලා දඩු ගහන්න පුළුවන් වුණත්, ඊට පස්සේ ගල් අඟුරු කොහෙන්ද?” යැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, ගල් අඟුරු නැවත ගෙන ඒමට මාස ගණනාවක් ගතවන බවත්, රටේ ගල් අඟුරු ගබඩා අතිරික්තයක් නොමැති බවත්, තෙල් ගබඩා කිරීමට පවා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බවත්ය.

“මම මේ වැරැද්ද සාධාරණීකරණය කරන්නේ නැහැ. නමුත් අපිට කිසි දෙයක අතිරික්තයක් නැහැ” යැයි ඔහු අවධාරණය කළේය. මෙම ප්‍රකාශය ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් මෑතකදී මතුව ඇති වංචා චෝදනා මධ්‍යයේ සිදු වූ අතර, රටේ විදුලි බලශක්ති ජනනයට බලපාන බරපතළ ගැටලුවක් බවට පත්විය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

බුද්ධි තොරතුරු සත්‍ය ද? දහස් ගණන් මැරීන් භටයින් ගෙන්න ගෙන ට්‍රම්ප් දත කන සැලැස්ම ගැන ලෝකෙම ප්‍රශ්න කරයි

බුද්ධි තොරතුරු සත්‍ය ද? දහස් ගණන් මැරීන් භටයින් ගෙන්න ගෙන ට්‍රම්ප් දත කන සැලැස්ම ගැන ලෝකෙම ප්‍රශ්න කරයි

නීතිවිරෝධීව රැගෙන ආ විසිතුරු පැළ තොගයක් රේගු නිලධාරීන් භාරයට

නීතිවිරෝධීව රැගෙන ආ විසිතුරු පැළ තොගයක් රේගු නිලධාරීන් භාරයට