''2025 ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරයි '' ඇමති උපාලිගෙන් හෙළිදරව්වක්

Report

2025 වර්ෂය ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසර බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර තිබේ.

 කුරුණෑගල පැවති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත

තවද ණය මුදලක් ගෙවීමට ඇත්තේ 2028 වසරේදී යැයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කළත් 2025 වසරේදී ඩොලර් මිලියන 3900ක ණය වාරිකයක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව එතුමා ප්‍රකාශ කර තිබේ.

උණුසුම් කාලගුණික තත්වය තව දුරටත්

උණුසුම් කාලගුණික තත්වය තව දුරටත්

ඒ වගේම ඒ මහතා පෙන්වා දුන්නේ 2028 වසරේදී ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 3.2ක් වන බවයි .

2025 වසරේදී ඩොලර් මිලියන 2100ත් 2200ත් අතර ප්‍රමාණයක් වාහන ගෙන්වීමට වැය කළ ද ඩොලර් මිලියන 1700ක අතිරික්තයක් වාර්තා කිරීමටද රජයට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි .

බාල ගල් අඟුරු ගේන්න එපා කියලා කොච්චර කිව්වත් ඇහුවේ නෑ නාමල්ගෙන් චෝදනා

බාල ගල් අඟුරු ගේන්න එපා කියලා කොච්චර කිව්වත් ඇහුවේ නෑ නාමල්ගෙන් චෝදනා

එවැනි අතිරික්තයක් වාර්තා කළේ 2025 වර්ෂයේ උපයා ගත් ඩොලර් මිලියන 29300ක මුදලින් ඩොලර් මිලියන 27600ක මුදලක් පමණක් වැය කිරීම නිසා බව තව දුරටත් සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති උපාලි පන්නිලගේ මහතා පෙන්වා දී තිබේ