කෙහෙළිය ඇතුළු පිරිස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - මිලියන 75 ක් ගෙවන්න නියෝග

Report

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක (කෝටි 7.5) මුදලක් රජයට ගෙවිය යුතු බවත් අඳාළ නඩු තීන්දුවේ සඳහන් විය.

තවද අඳාළ නියෝගයේ දක්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් රුපියල් මිලියන 50ක (කෝටි 5) මුදලක් ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න විසින් රුපියල් මිලියන 50ක (කෝටි 5) මුදලක් ද රජයට ගෙවිය යුතු බවයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දීමෙන් පසු ශරීර ඇප දෙකක් මත මුදහරී

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දීමෙන් පසු ශරීර ඇප දෙකක් මත මුදහරී

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් තවත් මිලියන 50ක් (කෝටි 5) ද වන්දි ලෙස රජයට ගෙවිය යුතු බවත් එම තීන්දුවේ සඳහන් කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන්ට සූරසේන ප්‍රමුඛ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ Transparency Inteational Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි.

බාල ගල් අඟුරු ගේන්න එපා කියලා කොච්චර කිව්වත් ඇහුවේ නෑ නාමල්ගෙන් චෝදනා

බාල ගල් අඟුරු ගේන්න එපා කියලා කොච්චර කිව්වත් ඇහුවේ නෑ නාමල්ගෙන් චෝදනා

ආයේ යුද්ධේ නිසා ලංකාවට බය වෙන්න දෙයක් නෑ - ලෝකෙම පුදුම කරමින් රුසියාව ලංකාවට දුන්න පොරොන්දුව

ආයේ යුද්ධේ නිසා ලංකාවට බය වෙන්න දෙයක් නෑ - ලෝකෙම පුදුම කරමින් රුසියාව ලංකාවට දුන්න පොරොන්දුව