වැඩ බිමක ගුටි කෙළියක් - පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sri Lanka Police
Anuradhapura
Sri Lanka Police Investigation
By Sewvandhi
උතුරු මැද පලාත් මහ ඇළ ව්‍යාපෘතියේ සේවකයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මීගස්වැව උමගේ සේවකයින් කිහිප දෙනෙකු අතර බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව තිදෙනෙකු විසින් තවත් සේවකයින් සිව් දෙනෙකුට පිහියකින් ඇණ ඇති බවයි,පොලිසිය පැවසුවේ.
එම පිහි ඇණුමෙන් එක් අයෙකු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා
සිද්ධියට අදාළ සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරගොඩ පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් මීගස්වැව රක්ෂිතයේ මෙහෙයුමක් අරම්භ කර ඇති බව සඳහන්.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)