ලොක්කෙක් වැඩ වරද්දගෙන මිලියන 8,000කට වැඩි මුදලකට ෂොට් එක දීලා
By Ashfa
පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් මිලියන 8,000කට වැඩි මුදලක් අවභාවිත කර ඇති බව හෙළි වී ඇත.
අදාල සිද්ධිය පිලිබදව විමර්ෂණය කිරීමට පත් කල විශේෂ කමිටුව විසින් මෙම තොරතුරු හෙළි කර ඇත.
එමෙන්ම බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාද අදාල කරුණ තහවුරු කර තිබේ.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කමිටුවේ අවසන් වාර්තාව ලැබුණු පසු, මෙම මුදල් වංචා කළ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.