සොරකම් වූ උරුමය නැවතත් ඉතාලියට

Report

අමෙරිකාව විසින් ඉතාලියෙන් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට භාරදී තිබේ. මෙය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම සංස්කෘතික දේපළ හුවමාරුවක් ලෙස සැලකෙන අතර, රෝමය සහ වොෂින්ටනය අතර පවතින දැඩි සහයෝගීතාව මෙයින් මනාව පිළිබිඹු වන බව සඳහන් වේ.

පුරාණ රෝම මූර්තිවල සිට ග්‍රීක, එට්‍රස්කන් "Etruscan" සහ ඊජිප්තු කලාකෘති දක්වා විහිදෙන මෙම පුරාවස්තු සමූහය, ඉතාලියේ 'කැරබිනියරි'  සංස්කෘතික ආරක්ෂක ඒකකයේ මූලස්ථානයේදී ප්‍රදර්ශනය කෙරිණි.

නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශන මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම භාණ්ඩ සොයාගෙන ඇත. ක්‍රි.පූ. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 3 වන සියවස දක්වා කාලයට අයත් රෝම කාසි, ස්වර්ණාභරණ, පිඟන් මැටි භාණ්ඩ සහ වාස්තු විද්‍යාත්මක කොටස් මෙයට ඇතුළත් වේ.

ක්‍රි.ව. පළමු සියවසට අයත් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කිරිගරුඬ හිස (මෙය 1960 දී රෝම කෞතුකාගාරයකින් සොරාගන්නා ලද්දකි) සහ හර්කියුලේනියම් (Herculaneum) නගරයෙන් සොරාගත් ලෝකඩ මූර්තියක් ද මෙහි වේ.

ලෝකෙම හොල්ලමින් තෙල් මිල අහස උසට - බැරලය ඩොලර් 120 පනී

ලෝකෙම හොල්ලමින් තෙල් මිල අහස උසට - බැරලය ඩොලර් 120 පනී

මෙම මෙහෙයුම සඳහා නිව්යෝර්ක් මැන්හැටන් දිස්ත්‍රික් නීතිපති කාර්යාලය විශාල දායකත්වයක් ලබාදුන් අතර, ඔවුන් පමණක් භාණ්ඩ 221ක් සොයා ගැනීමට සමත් ව ඇත.ඉතාලියේ අමෙරිකානු තානාපති ටිල්මන් ජේ. ෆර්ටිටා අදහස් දක්වමින් පැවසුවේ, ඉතාලිය සතු අසමසම ඉතිහාසය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ මෙම වටිනා කලාකෘති නැවත මව්බිමට ගෙන ඒමට එක්සත් ජනපදය සැමවිටම සහාය දෙන බවය.

ඉතාලි සංස්කෘතික අමාත්‍ය ඇලෙස්සැන්ඩ්‍රෝ ජුලි ප්‍රකාශ කර ඇත්තේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම යනු අනන්‍යතාවය ශක්තිමත් කිරීම සහ අනාගත පරපුරට සංස්කෘතික වටිනාකම් දායාද කිරීම බවය.

ඉතාලිය සහ අමෙරිකාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් හරහා පුරාවස්තු ජාවාරම මැඩලීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට ඉදිරියේදීත් කටයුතු කෙරේ.දැනට සොයාගෙන ඇති මෙම පුරාවස්තු පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු ඒවා ඉතාලිය පුරා පිහිටි ඒ ඒ මුල් ස්ථානයන් වෙත නැවත යොමු කිරීමට නියමිතය.

මුදල් ලේකම්ට අවුරුදු 2ක හිර දඬුවමක්? ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

මුදල් ලේකම්ට අවුරුදු 2ක හිර දඬුවමක්? ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්