රුසියානු සෞඛ්‍ය ඇමති මැයි 3 වැනිදා දිවයිනට

Report

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මැයි 3 වැනිදා ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සංචාරය අතරතුර, රුසියානු දූත පිරිස වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ හමුවී, දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

එමෙන්ම, විජිත හේරත් සමඟද විශේෂ හමුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මැයි 4 වැනිදා, රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය තුළ, දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර නව අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීමට ද අපේක්ෂා කෙරේ. ඖෂධ හා වෛද්‍ය උපකරණ, විශේෂඥ වෛද්‍ය පුහුණුව, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පාඨමාලා, ආයුර්වේදය සහ සෞඛ්‍ය සංචාරක කර්මාන්තය වැනි අංශ රැසක් තුළ සහයෝගීතාව පුළුල් කිරීම මෙහිදී ප්‍රධාන අවධානයට ලක්වනු ඇත.

සොරකම් වූ උරුමය නැවතත් ඉතාලියට

සොරකම් වූ උරුමය නැවතත් ඉතාලියට