මෝදිට 27 වෙනි සම්මානයත් ලැබේ

By Mithu Jul 11, 2025 08:28 AM GMT
Report

නරේන්ද්‍රසිංහ මෝදි යනු ලෝකයේ බලවත් නායකයන් අතර ප්‍රධාන තැනක් ගන්නා පුද්ගලයෙක්.ඔහුගේ මේ සුවිශේෂී වටිනාකම නිසාම බොහෝ අවස්ථාවන්වලදී ඔහු සම්මානයට පාත්‍රවීම සුලභ කරුණකි.බලවත් රාජ්‍ය නායකයෙක් ලෙස ලොව ප්‍රසිද්ධ නරේන්ද්‍රසිංහ මෝදිට පසුගිය දවසක තවත් සම්මානයක් හිමි විය.

කාන්තාවන් නානවා බලන් හිටියට ඇසිඩ් පාරක් මුණටම

කාන්තාවන් නානවා බලන් හිටියට ඇසිඩ් පාරක් මුණටම

ඔහු මෙයාකාරයෙන් සම්මානයට පාත්‍ර වූයේ නැමීබියාවේදීය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය නැමීබියාවේ ඉහළම සිවිල් ගෞරව සම්මානය ලෙසය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ දායකත්වය අගයමින් නැමීබියාව මෙම සම්මානය පිරිනමා ඇත.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

මෙය අග්‍රාමාත්‍ය මෝදිට ලැබුණු 27 වැනි ගෞරව සම්මානය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය බ්‍රසීල සංචාරය අවසන් කළ අගමැති මෝදි නැමීබියාවට පැමිණ සිටින අතර එහිදී මෙම ගෞරව සම්මානයට පාත්‍රවී ඇත. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නැමීබියානු රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කර තිබුණි. මෙම ගෞරවය ඉන්දියාව සහ නැමීබියාව අතර සදාකාලික මිත්‍රත්වයට සාක්ෂියක් බව එහිදී සඳහන් කර තිබේ.