පොදු ප්‍රවාහනයට මෙතෙක් ක්‍රියාත්මක නොවූ නව නීතියක් - දිවයින පුරාම ක්‍රියාත්මකයි

Report

ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පූර්ණ පහසුකම්වලින් සමන්විත විශේෂ ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ සායනික බස් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පිරිනමා තිබේ.

අද (10) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම පිරිනැමීම සිදු විය. මෙම සායනික බස් රථය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෙවසරක උපායමාර්ගික සැලැස්මට අනුකූලව ක්‍රියාත්මක වන මෙම ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන, මෙම නව බස් රථය හිමිවීමත් සමඟ දිවයින පුරා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

පොදු ප්‍රවාහන සේවාවල යෙදෙන බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් ධාවන කටයුතුවල නිරත වන අතරතුර මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි ක්ෂණිකව පරීක්ෂා කිරීමේ මෙම ජංගම වැඩසටහන මේ වන විට දිවයිනේ පළාත් පහක් ආවරණය වන පරිදි සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.