මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදු වූ දේ

srilanka covid 19 helth Ministry of helths
By Sithumi Oct 03, 2021 11:29 AM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 1200 ක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මෙම කෝටි 1200 න් කෝටි 500 ක් පමණ මාස හයත් වසරත් අතර කාලයක් පැරණි ගෙවීම් පැහැරහැරීම් බවත් ඔක්සිජන් සැපයුම් සදහා පමණක් රුපියල් කෝටි 15 ක් ද, රසායනාගාර සේවා සදහා රුපියල් කෝටි 250 ක් පමණ ගෙවීමට ඇති බවත් රවී කුමුදේශ් මහතා කීය.

මෙම තත්වය හමුවේ සමාගම් ගණනාවක් ඉදිරියේදී සිය සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සැපයුම අදාල සමාගම නතර කළ බවත් ඒ මහතා පැවසීය. 

 මෙම තත්වය සැලකිල්ලට ගෙන ගොඩගැහෙන ණය මුදල් ගෙවා දැමීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් ලබා නොදෙන්නේනම් සහ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සේවාවන් අඩාල නොකරමින්, වියදම් පාලනය සදහා දක්ෂ පරිපාලකයන් පත්නොකරන්නේ සෞඛ්‍ය සේවය බරපතල කඩාවැටීමකට ලක්වීම නොවැලක්විය හැකි බව රවී කුමුදේශ් මහතා වැඩි දුරත් සඳහන් කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha