අපේ ඇමතිවරුගේ වත්කම් ගැන සැකයි නම් උසාවි යන්න - ඇමති ලාල්
තම රජයේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කාට හෝ සැකයක් පවතී නම් නීතිමය මාර්ගයට යා හැකි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
වත්කම් සහ බැරකම් නීත්‍යානුකූලව භාර දෙන බවත්, ඒවායේ කිසියම් වැරදි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතියට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.
පසු ගිය දවසක වසන්ත සමරසිංහ ඇමතිතුමාගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පළ වූ අතර තමන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල් මිලියන 275ක දේපළ තමන්ට පවුල් උරුමයෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩිදියුණු කළ ඒවා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ රූපවාහිනි නාළිකාවකට අදහස් දක්වමින් පවසා තිබිණි.