අරගලයේදී ගිනි ගෙන විනාශ වූ දේපල වලට මැති – ඇමතිලාට රජයෙන් වන්දි.- හොර තක්සේරුත් දීලා.

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka SL Protest
By Wayomi Jul 18, 2023 07:53 AM GMT
Wayomi

Wayomi

Report

2022 වසරේ මැයි 09 අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීමට අදාළව ඔවුන්ට වන්දි මුදල් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එහි මූලික අදියර යටතේ වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර ඇති බවත්, පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට නිවාස සහ දේපළ විනාශයට පත්වූ දේශපාලනඥයන් 72 දෙනකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

විනාශයට පත්වූ දේපළ තක්සේරු කිරීමේදී ඇතැම් දේශපාලනඥයන් නොවටිනා මිල ගණන් ඉදිරිපත් කළ බවට පසුගියදා චෝදනා එල්ල වුණා.

මෙහි මූලික අදියර යටතේ විනාශයට පත්වූ ගොඩනැඟිලි සඳහා වන්දි මුදල් ලබාදෙන අතර දෙවන අදියර යටතේ විනාශයට පත්වූ වාහන සහ බඩු භාණ්ඩ සඳහා වන්දි ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත් ඇතැම් දේශපාලනඥයන් සිය දේපළ විනාශවීම සම්බන්ධයෙන් රක්‍ෂාවරණ වන්දි විශාල ප්‍රමාණයක්ද ලබාගෙන ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත කියා සිටියේ, විනාශයට පත්වූ තම දේපළ වෙනුවෙන් වන්දි මුදල් මෙතෙක් නොලැබුණු බවත් පිරිසකට එය ලැබුණු බවට තමාටද දැනගන්නට ලැබුණු බවත්ය. 

ReeCha