රඹුක්කන ගල ගෙදර අධිවේගී මාර්ගයේ වැඩ මේ වසරේ ආරම්භ කරනවා - ඇමැති බිමල්
අද දින කඩවත මීරිගම නවතා තැබූ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ කෙරුණි. එමෙන්ම කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් 2028 අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර ඊට පෙර පොතු හැර සිට රඹුක්කන දක්වා මාර්ගය ඉදිකර අවසන් කරන බව ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අතරමග නතර වුණු කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් නැවත අද දින ආරම්භ වූ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කරේ,
'' අපි දෙදාස් විසිඅටේ මේ කඩවත, මීරිගම කොටස සම්පූර්ණ වෙනකොට ඊට කළින් අපි පොතුහැර ඉඳලා, රඹුක්කන දක්වා මාර්ගය සම්පූර්ණ කරනවා. එම නිසා සරලව ගත්තොත්, ඉදිරියේදී ලංකාවේ අධිවේගී මාර්ගය රඹුක්කන දක්වා දෙදාස් විසිඅටේ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වෙනකොට සම්පූර්ණ වෙනවා. ඒ වගේම අධිවේගී මාර්ගයක් හදලා විතරක් හරියන්නෑ. අපි රඹුක්කන ප්‍රදේශයේ අනෙකුත් මාර්ගත් දියුණු කරනවා. මොකද අති විශාල වාහන ප්‍රමාණයක් රඹුක්කනට ගිහිල්ලා හිර වෙන එක වළක්වන්න. ඒ නිසා අපි දෙයක් කරනකොට ඒකේ අනෙකුත් ප්‍රතිවිපාක ගැනත් සැලසුම් කරලා තමයි අපි කරන්න සැලසුම් කරලා තිබෙන්නේ.
ඒ වගේම මම ඉතා ඉක්මනින් කියන්නම් අපි අධිවේගී මාර්ග පිළිබඳ සැලැස්ම. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට මේ වසර තුළදී අපිට අනුමැතිය ලැබෙයි කියලා රඹුක්කන ඉඳලා ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු පටන් ගන්න. මේ වෙනකොට අපි ආර්. ඩී. ඒ. එක පැත්තෙන්. ඊට අදාළ කරන සියලුම ඩිසයින්ස්, ඊට අදාළ දේවල් පටන් අරගෙන, සැලසුම් කරගෙන තිබෙන නිසා.
ඒ වගේමයි අපි බලාපොරොත්තු වෙනවා, වරාය පිවිසුම් මාර්ගය තිබෙනවා. ඒකත් සැලකිය යුතු ගැටලු ඇති වෙච්ච මාර්ගයක්. ඒක සීයට අනූ අටක් හදලා ඉවර වෙච්ච එකක්. නමුත් තව සීයට දෙකක් තියෙනවා. ඒ සීයට දෙක දැන් අවුරුදු දෙකක් තිස්සේ විතර ඇදෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒකත් ලබන වසර මැද වගේ වෙනකොට සම්පූර්ණ කරන්න. මොකද ඒකේ විවිධ ගැටළු ගණනාවක් ඇතිවෙලා තිබුණ නිසා.'