වෙඩි තියමින්, කප්පම් ගනිමින් ගමම බය කළ 'කොමනා' මාට්ටු

Report

ගිනි අවියක් අතේ තබාගෙන ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තර්ජනය කර බිය වද්දෙමින් කප්පම් ගැනීමේ නිරත වී සිටි පුද්ගලයකු කිරිවන්තුඩුව මිල්ලගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේ ආකාරයෙන් කළ වෙඩි තැබීමකදී අවුරුදු 49 කාන්තාවක් බරපතල තුවාල ලබා කහතුඩුව වෑතර දිසා රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. ඒ වගේම පොලිස් අත්අඩංගුවට පත්වන විට සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීවත් බෝම්බයක් හා මන්නයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

නිල නිවාසවලින් යන්න බෑ කිව්වට මම හිතන්නේ ඔක්කොටම රජයේ ගෙවල් තියෙනවා මේක ඇබ්බැහියක් - නලින්ද

නිල නිවාසවලින් යන්න බෑ කිව්වට මම හිතන්නේ ඔක්කොටම රජයේ ගෙවල් තියෙනවා මේක ඇබ්බැහියක් - නලින්ද

සැකකරු ගිනිඅවිය සහ ලයිටරයක් අතැතිව තමා අත්අඩංගුවට ගැනීමට පැමිණෙන පොලීසියට වෙඩි තබන බවට තර්ජනය කරමින් හැසිරුණු බව වැඩිදුර සඳහන්ය. මත්ද්‍රව‍ය පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මාරක රිය අනතුරකින් මවගේ තුරුළේ සිටි මාස 3ක පුංචි මල් කැකුළකට දිවි අහිමි වෙයි

මාරක රිය අනතුරකින් මවගේ තුරුළේ සිටි මාස 3ක පුංචි මල් කැකුළකට දිවි අහිමි වෙයි

අදාළ පුද්ගලයා මීට පෙර පුද්ගලයන් සිව්දෙනෙකු තියුණු ආයුධවලින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර දඬුවම් විදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි. අවුරුදු 32ක් වන සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්

වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්