මෝල් හිමියන් රජයේ සහතික මිලට වී මිලදී ගන්න එකඟ වේ..

Agriculture ministry Mahindananda aluthgamage Paddy control price
By Aruna Jul 21, 2021 08:34 AM GMT
Report

රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් රජය සමඟ අද පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මෝල් හිමියන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණා.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 50 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 52 කටත් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55 කටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now