මැදපෙරදිග දරුණු යුධමය තත්වය අවසන් කරන ලෙස පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

Report

  මේ වනවිට මැදපෙරදිග ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් සංවාදය සඳහා අවකාශය විවෘත කිරීමට නව උත්සාහයන් ඉල්ලා සිටින බවත් 14 වන ලියෝ පාප් වහන්සේ සදහන් කර තිබේ.

14 වන ලියෝ පාප් වහන්සේ මේ බව සඳහන් කර තිබෙනුයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ ඇන්ජලස් යාච්ඤාවට එක්වෙමිනි තවද උන් වහන්සේ මෙහිදී පැවසුවේ ඉරානයෙන් සහ මැද පෙරදිගින් දැඩි කරදරකාරී පුවත් දිගටම අසන්නට දකින්නට ලැබෙන බවයි.

“වෛරය සහ බිය රජයන මෙවන් වටපිටාවක, මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී ලෙබනනය වැනි රටවල් යළිත් අස්ථාවරත්වයට පත්වනු ඇතැයි යන බියක් පවතිනවා,” යනුවෙන් උන්වහන්සේ පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවිඩයක්

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවිඩයක්

පාප් වහන්සේ අවධාරණය කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර එය නතර කිරීමේ සදාචාරාත්මක වගකීම සියලු පාර්ශවයන් සතු බවයි.

“බෝම්බවල ඝෝෂාව නතර වේවා, අවි ආයුධ නිහඬ වේවා, ජනතාවගේ හඬට සවන් දිය හැකි සාකච්ඡාමය වාතාවරණයක් උදා වේවා කියා මම යාඥා කරනවා.” යනුවෙන්ද උන්වහන්සේ යාඥා කර ඇත.   

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ගැන ඇමැති වසන්තගෙන් හෙළිදරව්වක්

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ගැන ඇමැති වසන්තගෙන් හෙළිදරව්වක්