මුඛ ආවරණය විමසූ පුද්ගලයාව උස්සා පොළොවේ ගැසූ දෙදෙනාට අවසානයේ සිදු වූ දේ (VIDEO)

shed Meegoda Face Mask Aluth para
By Sewvandhi Oct 07, 2021 02:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්ධන පිරවුම් හලේදී මුඛ ආවරණය ගැන විමසූ සේවකයාව උස්සා පොළොවේ ගැසූ සැකකරුවන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුඛ ආවරණයක් පැලඳ නොසිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳව විමසූ පසු ඉන්ධන හල් සේවකයෙකුව උස්සා පොළොවේ ගැසූ සිද්ධියක් ඊයේ (06) මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.

ඒ, මීගොඩ අලුත් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකදීය. මුඛ ආවරණයක් නොමැතිව ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයකුට මුඛ ආවරණයක් පැලඳ ගන්නා ලෙස උපදෙස් දීම නිසා එම සිද්ධිය ඇතිවී තිබුණි. මීගොඩ පොලීසිය විසින් ඊයේ රාත්‍රියේදී අදාළ සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා පාදුක්ක ගලගෙදර සමනල මාවතේ සහ වටරැක ගාලබැදිහේන ප්‍රදේශයේ පදිංචි 24 සහ 36 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

පහරදීම සිදු කළ පුද්ගලයින් පැමිණි යතුරුපැදියක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා අද (07) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha