හෙට සිදුකරන විශේෂ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්..!

By Sewvandhi Apr 30, 2023 04:01 PM GMT
Report

ශ්‍රී ලංකා පොලීසිය විසින්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව හා විශේෂ රථවාහන සැලැස්මක් යෙදවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය අනුව, හෙට (01) දින පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ද සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස් මුලස්ථානය විසින් උපදෙස් හා නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව නුගේගොඩ, නුවරඑළිය, මහනුවර, හැටන් යන ප්‍රදේශවල පැවැත්වීමට නියමිත මැයි රැලි හා පෙළපාලි සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල හා විශේෂ රථවාහන ගමනාගමනය සඳහා වන සැලැස්ම නියමිත පරිදි පොලීසිය මඟින් ක්‍රියාත්මක කරේ.

මහනුවර නගරයේ ද රැස්වීම් හා පෙළපාලි පැවැත්වීමට නියමිත අතර නගරය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන රථවාහන රියදුරන්ගෙන් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

පෙළපාලි පැවැත්වෙන ස්ථාන පිළිබඳ පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGallery