මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් තීරණයක් ගනී - බැසිල්ට මත්තලත් වැසෙයි ද?..

By krishani Jul 12, 2022 10:15 AM GMT
Report

ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා දේශපාලන ප්‍රභූවරුන් රට හැර යාම වැළැක්වීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළේ අද(12) පෙරවරු 12.00 සිටයි.

ඒ අනුව යමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් ද සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන අතර එහි ප්‍රභූ පර්යන්තයේ ද ප්‍රභූ නිෂ්කාශන කටයුතු සිදු නොවන බව ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වීම නිසා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට හරහා එලෙස රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු වාර්තා වීමත් සමඟ එම ගුවන් තොටුපළට අනුයුක්තව සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එම තීරණය ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join