හදිසියේම මත්තලට ගොඩ බැස්ස වූ ගුවන් යානය..

Report

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන්යානයක්,  ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයට අද (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්, මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

එනම්, ඉන්දියාවේ චෙන්නායි සිට පස්වරු 04.10 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණෙමින් තිබූ ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන්යානය, මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට ඒ අනූව පියවර ගෙන තිබේ.

එම ගුවන් යානයේ, මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවූ බව එම ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර තිබෙනවා. 

 කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය යහපත් වූ පසු එම ගුවන්යානය යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට පියවර ගන්නා බව මත්තල ගුවන්තොටුපොළේ නිලධාරින් පැවසීය


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now