ආණ්ඩුවේ ඉන්නේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නැති පිරිසක්, ජනතාවගේ මුදල් මංකොල්ල කන්න කටයුතු කරනවා මරික්කාර් ආණ්ඩුවට හොදටම දෙහි කපයි

Report

ඉන්ධන මිල වැඩි කිරීම තුළින් ආණ්ඩුවට අති විශාල ලාභයක් ලැබෙන බවත් ඒ වගේම ඉන්ධන මිල වැඩි කිරීම හරහා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කර තිබේ .

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ මිල වැඩි කිරීම ගැන තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

‘‘රට තුළ දින 26කට සරිලන පරිදි පෙට්‍රල් තොග තිබෙන බවත් දින 30කට ආසන්න කාලයකට අවශ්‍ය ඩීසල් තොග තිබෙන බවත් මේ අය කිව්වා. ඒ නිසා අනිසි බියක් ඇතිකරගත යුතු නැතැයි ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරනු ලැබුවා. රට තුළ පෙට්‍රල් සහ ඩීසල් තොග තිබෙන බව ප්‍රකාශ කර තිබියදී ඊයේ මධ්‍යම රාත්‍රීයේදී ඉන්ධන මිල වැඩි කරන්න ජාතික ජන බලවේග රජය කටයුතු කර තිබුණා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ඩීසල් සහ පෙට්‍රල් වැඩි කිරීම හරහා ආණ්ඩුව ජනතාවගේ මුදල් මංකොල්ලකෑමක් සිදුකර තිබෙනවා. ඒ වගේම ලෝක වෙ‍ෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අඩුවී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී ලංකාවේ ආණ්ඩුව ඉන්ධන මිලදී ගත්තානම් එම ඉන්ධන තොග ඊයේ දිනයේදී ලංකාවට ලැබෙන්නේ නැහැ. ඒ අනුව පරණ ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල ගණන් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජනතාවගේ මුදල් මංකොල්ලකන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුවට ලැබෙන අති විශාල ලාභයක් ලැබෙනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩි කිරීම හරහා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනවා.

ඒහරහාත් ලංකාවට විශාල ලාභයක් ලැබෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුවේ සිටින්නේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නැති පිරිසක්. කෙසේ නමුත් අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට සහනයක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. ඒ වගේම මැදපෙරදිග යුද්ධය නිසා රටේ අපනයනයට බාධා එල්ල වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ තේ අපනයනයට විශාල බාධාවක් ඇති වී තිබෙනවා. ඒ වගේම ඇඟලුම් අපනයනයේදී ලැබෙන ඩොලර් ආදායමට විශාල බාධාවක් ඇති වී තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් ආදායමට විශාල බාධාවක් ඇති වී තිබෙනවා. විශාල ඩොලර් ආදායමක් ලැබෙන විදේශ ප්‍රේෂණ අඩු වී තිබෙනවා වගේම ඍජු විදේශ ආයෝජන ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකිරීම නිසා ඒ හරහාත් විශාල පාඩුවක් රටට සිදුවෙලා තිබෙනවා. ඒ වගේම අපනයනයෙන් රටේ ඩොලර් ආදායම අඩුවන විට ආනයන වියදම ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. ලෝක වෙ‍ෙළඳපොළේ තෙල් බැරලයක මිල වැඩි වනවිට ඉන්ධන මිල, ඖෂධ මිල, අත්‍යවශ්‍ය ආහාරවල මිල, අමුද්‍රව්‍යවල මිල ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ අනුව මේ හරහා රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට , රැකියා ක්ෂේත්‍රවලට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම ආනයන අපනයන පරතරයත් වැඩි වෙනවා. මෙය තදින්ම රටේ ආර්ථිකයට බලපානු ලබනවා. ඒ වගේම යුද්ධයක් පවතින්නේ ගල්ෆ් කලාපය තුළයි.

නමුත් ඔස්ට්‍රේලියාවට, චීනයට, මැලේසියාවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන්න රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම ආයෝජකයන්ට තිබෙන බාධා ඉවත් කර ආයෝජකයන්ට ශ්‍රී ලංකාව විවෘත කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම බදු බාධා ඉවත් කර ආයෝජකයන්ගේ ඩොලර් ලංකාවට ගෙන්නගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම ශ්‍රීලන්කන් ගුවන් සේවයට ඍජු ගුවන් සේවා ඇතිකර ඩොලර් ආදායම් උපයන වැඩපිළිවෙළක් ආණ්ඩුව සකස් කළ යුතුයි. ආදායම් උපයන්න තිබෙන අවස්ථාවක් දුටු සැණින් ඒවාට සම්බන්ධ වෙන්න ආණ්ඩුවක් කටයුතු කළ යුතුයි.”

ජනතාවට අවම පීඩනයක් ඇති වන ලෙස කටයුතු කරනවා ඇමැති නලින්දත් මිල ඉහළයාම් ගැන කට අරියි

ජනතාවට අවම පීඩනයක් ඇති වන ලෙස කටයුතු කරනවා ඇමැති නලින්දත් මිල ඉහළයාම් ගැන කට අරියි

ඔබ මග බලා සිටි අවස්තාව අද සිට -ප්‍රතිනිර්මාණය කළ නැදුන්ගමුවේ රාජා මහජන ප්‍රදර්ශනයට

ඔබ මග බලා සිටි අවස්තාව අද සිට -ප්‍රතිනිර්මාණය කළ නැදුන්ගමුවේ රාජා මහජන ප්‍රදර්ශනයට