ඔබ මග බලා සිටි අවස්තාව අද සිට -ප්‍රතිනිර්මාණය කළ නැදුන්ගමුවේ රාජා මහජන ප්‍රදර්ශනයට
මෙරට වඩාත් ගෞරව බහුමානයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාවේ නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර නිරාවරණය කිරීම ඊයේ (10) කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී සිදු විය .
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනව්, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, නැඳුන්ගමුවේ රාජාගේ හිමිකාරිත්වය දැරූ වෛද්යාචාර්ය හර්ෂ ධර්මවිජය සහ නැඳුන්ගමුවේ රාජා භාරව සිටි කළු මාමා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභගීවී තිබුණි .
ඊයේ (10) දිනයේ විවෘත කෙරුණු නැදුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය අද (11) දිනයේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා අවස්තාව හිමිවන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ වගේම අවස්ථා 13 කදී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම වීමේ භාග්‍යය මෙම හස්තියා විසින් හිමි කර ගන්නා ලදි.
නැදුන්ගමුවේ රාජා දිවිසැරිය නිමා කළේ 2022 වසරේ මාර්තු 07 වැනිදාය. මෙම හස්ති රාජයා දළදා පෙරහර මෙන්ම දිවයිනේ ප්රමුඛ පෙළේ පෙරහර රැසක කරඬුව වඩම්මවමින් පෙරමුණ ගෙන ඇත.
නැදුන්ගමුවේ රාජාගේ සුවිශේෂත්වය වූයේ කොපමණ දුරක් වුවද පාගමනින් පමණක් ගමන් කිරීමට දැක්වූ ලැදියාවයි.