පැකට් කළ සහල් ගැන එලියට ආ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..!

Sri Lanka
By Sewvandhi Mar 25, 2023 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බදුල්ල දිස්ත්‍රික්කයේ සුපිරි වෙළෙඳසැල්වල සිදුකළ සෝදිසියක දී පැකට් කරන ලද දේශීය සහල් බොහෝමයක ශුද්ධ බර අඩුවෙන් පවතින බවට අනාවරණයවී තිබේ. බදුල්ල දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක සේවා අධිකාරීවරයා සඳහන් කළේ දේශීය සහල් පැකට්වල මෙම තත්ත්වය පැවතුණත් ආනයනය කරන ලද සහල් පැකට්වල බරෙහි වෙනසක් සිදුව නොමැති බවය.

මේ අතර, වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරන්නේ, රට තුළ බිත්තර හිඟයක් මතුවී ඇති අවස්ථාවක ආනයනය කළ බිත්තර වරාය තුළ සිරකර ගෙන සිටින නිලධාරීන්ට එරෙහිව ජනතාව ප්‍රතිචාර දැක්විය යුතු බවයි. අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම බිත්තර තොග නිදහස් කිරීමට අවශ්‍ය පියවර නිලධාරීන් මෙතෙක් ගෙන නොමැති බවය.

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය. ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබු පළමු බිත්තර තොගය පසුගිය බ්‍රහස්පතින්දා අලුයම දිවයිනට ළඟාවූ අතර ඊට බිත්තර මිලියන 2ක් ඇතුළත් වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව ආනයනය කළ බිත්තර තොගය නිදහස් කරගැනීමට නියමිතව ඇති අතර වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එදින සඳහන් කළේ පරීක්ෂණ කටයුතු සඳහා දින 3ක කාලයක් බලධාරීන් ඉල්ලා ඇති බවය. කෙසේවෙතත් ඊට අදාළ කිසිඳු පියවරක් මෙතෙක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා අද සඳහන් කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now