මේ සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි - නව නීති මාලාවක්

Report

මන්නාරම දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමේ බලපත්‍ර සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය නිසා සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම තීරණය නීතිවිරෝධී වැලි ජාවාරම මැඩලීම, වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම සහ වැලි මිල පාලනය සම්බන්ධයෙන්, නිලධාරීන් හා වැලි ව්‍යාපාරිකයින් අතර මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (10) දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව ගෙන ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා කියා සිටියේ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නව නීති මාලාවක් ඔස්සේ සිදු කරන බවයි.

නරක ආරංචියක් - රටම බය වූ නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

නරක ආරංචියක් - රටම බය වූ නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උපාලි සමරසිංහ මහතා සඳහන් කළේ,

''වැලි හිමියන්ගේ පැත්තෙන් එයාලාගේ ගැටලු, අදහස්, යෝජනා මතු වුණා. වැලි මිල පාලනය කිරීම සඳහා අළෙවි කිරීමේ දී දිලිඳු පවුල් සඳහා නිවාස සෑදීමට රුපියල් 50,00කට වැලි කියුබ් 3ක් ලබාදීමටත්, රජයේ ඉදිකිරීම් සඳහා වැලි කියුබ් 3ක් රුපියල් 65,000කට ලබාදීමටත්, අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා කිලෝමීටරයකට රුපියල් 350ක ගාස්තු වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.. එමෙන්ම බලපත්‍ර ලබා දීමේ දී මේ සඳහා වූ නීතිමය කාරණා යම් ප්‍රමාණයක් අලුතින් කෙටුම්පත් කරලා තියෙනවා. ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවසාන නිගමනය සහ අධීක්ෂණය යටතේ බලපත්‍ර ලබා දීම සඳහා අලුතින් නීතිමාලාවක් සකස් කරන බවට ඇමතිතුමා සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. ඒ අනුව අපි හිතනවා බලපත්‍ර ලබා දීමේ දී විධිමත් භාවයක් හැදෙයි කියලා.''

වායුගෝලය කැළඹෙයි - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි

වායුගෝලය කැළඹෙයි - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි

මුහුද කැළඹෙයි.. හන්ටා බිය උත්සන්න වෙයි - හොන්ඩියන්ස් නෞකාවේ මගීන් හදිසියේම ගොඩබිමට

මුහුද කැළඹෙයි.. හන්ටා බිය උත්සන්න වෙයි - හොන්ඩියන්ස් නෞකාවේ මගීන් හදිසියේම ගොඩබිමට

සතිය පටන් ගන්න කොටම ඔබේ ලග්නයට හිමි සුභ වෙලාව, සුභ වර්ණය, අය වැය ඇතුළු දවසේ ලග්න පලාපල මෙන්න

සතිය පටන් ගන්න කොටම ඔබේ ලග්නයට හිමි සුභ වෙලාව, සුභ වර්ණය, අය වැය ඇතුළු දවසේ ලග්න පලාපල මෙන්න