කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යයි

Report

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තු මාසයේදී 63.9ක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගයයි. එහි අගය පෙබරවාරි මාසයේ සටහන් වුයේ 56.8ක් ලෙසයි.

මහා බැංකුව සඳහන් කළේ උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.

ආහාරපාන සහ රෙදිපිළි සහ ඇගලුම් නිෂ්පාදන අංශ තුළ නව ඇනවුම් සහ නිෂ්පාන උප දර්ශක වල වර්ධනය, සමස්ත දර්ශකයේ වර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දී තිබෙනවා.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ද , සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් මාර්තු මාසයේදී 69.8ක අගයක් වාර්තා කළා.

ලබන 21 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමට සැලසුම්

ලබන 21 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමට සැලසුම්