දෙවියනේ කිඹුලෙකු ඩැහැගෙන ගොස් පුද්ගලයෙකු අතුරුදන්
By Mithu
අක්කරපත්තුව ප්‍රදේශයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ ගල්ඔය ගඟේ එගොඩ ඉවුරේ නවතා තිබූ ඔරුවක් රැගෙන ඒම සඳහා පිහිනාගෙන යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ 37 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.