ලක්ෂ හයකට අධික වටිනා ඩීසල් තොගයක් ප්රවාහනය කෙරූ පුද්ගලයෙකු මාට්ටු
කොටහේන පොලිසිය පවසන පරිදි, නීති විරෝධී ආකාරයෙන් බලපත්ර නොමැතිව රුපියල් ලක්ෂ හයකට අධික වටිනා ඩීසල් තොගයක් ප්රවාහනය කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සමග ලීටර් 200 බැගින් වූ බැරල් 10ක බහා, සම්පූර්ණයෙන් ලීටර් 2,000ක් වන ඩීසල් පොලිස් භාරයට ගෙන ඇත.
කොටහේන පොලිස් ස්ථානයේ රාත්රී ජංගම නිලධාරීන් සංචාරය කරන අතරතුර, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගේ ලබාදුන් තොරතුරක් අනුව, ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේ ධාවනය වෙමින් තිබූ සම්පූර්ණයෙන් ආවරණය කරන ලද ලොරියක් නවතා පරීක්ෂා කළේය.
එවිට බැරල් 10ක මෙම ඩීසල් තොගය පොලිස් භාරයට ගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගත් රියදුරාගෙන් පරීක්ෂා කිරීමේදී, මෙම ඉන්ධන විකිණීම සඳහා රැගෙන යනු ලබන බව අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි. 25 හැවිරිදි මෙම සැකකරු නාවලපිටියේ පදිංචිකරුවෙකි.