දෙවියනේ කුලී කාමරයක සිටි පුද්ගලයෙක් අමානුෂිකව ඝාතනය කරයි

Report

කුලී පදනම මත කාමරයක රැඳී සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ සිද්ධියක් බියගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, බියගම පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම අපරාධය සිදුව ඇති බවයි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරු ඇඟවීම තද වෙයි.. ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙමින් ත්‍රිකුණාමලය-යාපනය හරහා එනවා

අනතුරු ඇඟවීම තද වෙයි.. ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙමින් ත්‍රිකුණාමලය-යාපනය හරහා එනවා

මරණකරු කුලී පදනම මත බියගම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර, ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්ව තිබේ.

එම අවස්ථාවේ කාමරයෙන් ඉවතට පැමිණීමේදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් ඔහුට පහරදී පලා ගොස් ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘතශරීරය මේ වනවිට මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

රන් ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - අද මිල පහළට

රන් ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - අද මිල පහළට