ආයේ රත්තරන් ගද්දී අවදානෙන් - හොර ජාවාරමක් ගැන තොරතුරු එළියට

Report

විවිධ උකස් මධ්‍යස්ථාන වෙත ව්‍යාජ රන් භාණ්ඩ ඉදිරිපත් කරමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ නිරත වූ සැකකරුවෙකු රක්වාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ඉතා සූක්ෂම අයුරින් රන් ආලේප කර සකස් කරන ලද, ග්‍රෑම් 08ක බරින් යුත් හොර කාන්තා රන් මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.

මීට අමතරව, ඔහු විසින් මීට පෙර උකස් මධ්‍යස්ථාන කිහිපයකටම මෙවැනි ව්‍යාජ රන් ආභරණ ලබා දී මුදල් ලබාගත් බව තහවුරු කෙරෙන උකස් රිසිට්පත් කිහිපයක් ද සැකකරු ළඟ තිබී සොයාගෙන තිබේ.

පොලිසිය විසින් සිදු කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මෙම ව්‍යාජ රන් භාණ්ඩ මීගමුව, කුරන ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයෙකුගෙන් තොග වශයෙන් ලබාගෙන ඇති බවයි.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා රක්වාන පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු පුළුල් කර ඇත.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

මරණ 177කින් රාජ්‍යයක්ම මරණය බියෙන් වෙව්ළයි - කොවිඩ්වලින් බේරෙන්න හදපු තාක්ෂණයම භාවිතයෙන් අලුත් එන්නතක්

මරණ 177කින් රාජ්‍යයක්ම මරණය බියෙන් වෙව්ළයි - කොවිඩ්වලින් බේරෙන්න හදපු තාක්ෂණයම භාවිතයෙන් අලුත් එන්නතක්