දරුවා අපයෝජනය කළ විහාරාධිපති අවුරුදු 30ක් සිපිරිගෙට
පැවිදි දිවියට ඇතුළත් වීම සඳහා පන්සලට පැමිණි පළමු දිනයේදීම 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාවලට වැරදිකරු වූ 65 හැවිරිදි හිමිනමකට බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර ළමා අපරාධ පිළිබඳ විශේෂ මහාධිකරණය අද (27) තීන්දු කළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ තඹුත්තේගම, හුරිගස්වැව ප්‍රදේශයේ පිහිටි තලාකොලවැව විහාරස්ථානයේ විහාරාධිපතිව සිටි මුල්ලේරියාවේ විමලතිස්ස නමැති හිමිනමකටය.
මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
නීතිපතිවරයා විසින් විත්තිකාර හිමිනමට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා තුනටම උන්වහන්සේ වැරදිකරු බව අධිකරණය නිගමනය කළේය.
මරණ 177කින් රාජ්‍යයක්ම මරණය බියෙන් වෙව්ළයි - කොවිඩ්වලින් බේරෙන්න හදපු තාක්ෂණයම භාවිතයෙන් අලුත් එන්නතක්
සිරදඬුවමට අමතරව, අපයෝජනයට ලක්වූ දරුවාට රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කළ අතර, එම වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිරදඬුවමක් විත්තිකරුට එකතු වේ.
එසේම පළමු චෝදනාවට රුපියල් 5,000ක් සහ ඉතිරි චෝදනා දෙකට රුපියල් 15,000 බැගින් රජයේ දඩ නියම වූ අතර, දඩ නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිරදඬුවම් විඳිය යුතුය.
කෙසේ වෙතත්, විත්තිකාර හිමිනම විවිධ දරුණු රෝගාබාධවලින් පෙළෙන බව පවසමින් උන්වහන්සේගේ නීතිඥ සුරංග මොහොට්ටි මහතා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, බරපතළ වැඩ සහිත වසර 30ක මෙම සිරදඬුවම වසර 10කින් එකවර ගෙවී ගොස් අවසන් විය යුතු බවට නියෝග කළේය.