දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදා ගනිමින් විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ද ව්‍යාජ ආකාරයට භාවිත කර නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට හෙළි වී ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍යතුමිය විසින් අදහස් දක්වන පරිදි සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන, අග්‍රාමාත්‍යතුමියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ කිසියම් පිරිසක් විසින් පළ කර තිබෙන අතර ඒ මඟින් විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
''මාලිමාව කියලා ජනතා විමුක්ති පෙරමුණ හදාගත්තේ මේ රටේ මිනිස්සුන්ව අන්දන්න'' මුජිබර්ගෙන් සැර ප්‍රකාශයක්
එබැවින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කෘත්‍රීම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර තිබෙන බව දන්වා සිටින අතර එවැනි පුවත්වලට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම රජයට සහ අග්‍රාමාත්‍යතුමියගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයට මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීතිමය වශයෙන් දඩුවමි ලැබිය හැකි වරදක් බව ද දන්වා සිටී.