දිවයින පුරා සිටින මේ ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්

Report

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා දිවයින පුරා සිටින පාසල් පුහුණුකරුවන්ගේ වෘත්තීය දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබේ.

ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උපදෙස් මත, ක්‍රිකට් කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතාගේ සෘජු මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

මෙහි සමාරම්භක වැඩමුළුව පසුගිය 25 වැනි සඳුදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී  සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ ටියර් ‘ඒ‘ සහ ටියර් ‘බී‘ තරගාවලි නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පාසල්වල පුහුණුකරුවන් 74 දෙනෙකු සහභාගී වූහ.

එහිදී ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන්  මහතා විසින් පැය දෙකක සුවිශේෂී දේශනයක් පවත්වනු ලැබීය.

නවීන ලෝකයේ ක්‍රිකට් පුහුණු ක්‍රමවේද, දක්ෂ තරුණ ක්‍රීඩකයන් හඳුනා ගැනීම සහ ළමයින්ට ක්‍රිකට් කියා දීමේදී පීඩනයෙන් තොර මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ඔහු මෙහිදී පැහැදිලි කළේය.

හුදෙක් තරග ජයග්‍රහණවලටම පමණක් සීමා නොවී, අනාගතයට ගැළපෙන පරිපූර්ණ ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් තමන්ගේ දැනුම ද නිරන්තරයෙන් යාවත්කාලීන කරගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම තාක්ෂණික සැසිය සඳහා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු රයන් වැන් නීකර්ක් සහ ජාතික පන්දු රැකීම මෙන්ම ස්පින් පන්දු යැවීමේ පුහුණුකරු ජෝර්ඩන් ග්‍රෙගරි  යන මහත්වරුන් ද එක්වෙමින් ඔවුන් සතු ජාත්‍යන්තර අත්දැකීම් සහ විශේෂඥ දැනුම පාසල් පුහුණුකරුවන් වෙත බෙදා දුන්හ.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙයි - අද දින ඔබ සොයන ඩොලරයේ මිල ගණන් මෙන්න

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙයි - අද දින ඔබ සොයන ඩොලරයේ මිල ගණන් මෙන්න

වැඩමුළුව අවසානයේ පැවැත්වුණු ප්‍රශ්න හා පිළිතුරු සැසියේදී පාසල් පුහුණුකරුවන්ට පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව ගැරී කර්ස්ටන් මහතා සමඟ සෘජුවම අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව හිමි විය.

පාසල් ක්‍රිකට් ව්‍යුහය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා මෙවැනි පුහුණු වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත