‘රට අනුරට’ ගන්න දිවයින පුරා මහ ගල්කොරියන්ට දුන් භෝජන සංග‍්‍රහයට මැකෝ කඩාපනී. - අවසානයේ සිදු වූ දේ මෙන්න.
ඊයේ (03) මහනුවර තරු හෝටලයකදී දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.
එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් පසු මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා ඇති බවයි ප්‍රධාන පෙලේ පුවත්පතක් වාර්තා කර තිබුනේ.
එම වාර්තාවට අනුව, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බවත්,ඒ අනුව මේ පිලිබඳ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරීත්වයට දැනුම්දීමට මැතිවරණ නිලධාර්න් පියවර ගෙන ඇත.