මාලදිවයින් ණය ශ්‍රේණිගත කිරීම CAA2 දක්වා පහළට...
මාලදිවයින ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අතර ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර ඇත.
විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට නව ජනාධිපතිවරයා යටතේ ගත් ක්‍රියාමාර්ග මෙම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බවට චෝදනා එල්ල වන බව යි.
දකුණු ආසියාවේ ඉහළ ඉල්ලුමක් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස සලකුණු මාලදිවයින එරට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසු බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ ඇතැම් පියවර හේතුවෙන් මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇත.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් විසින් මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව මීට පෙර CAA1 මට්ටමේ පැවති මාලදිවයින් ණය ශ්‍රේණිගත කිරීම CAA2 මට්ටම දක්වා පහත හෙළා ඇති බවත් වාර්තා වේ.
මූඩීස් ආයතනයට අනුව මේ වනවිට මාලදිවයිනේ විදෙස් මුදල් සංචිතය පවතින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 50ට වඩා පහත අගයකය.