හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් දැඩි දැනුම්දීමක්?

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දීමට ඔහු දිවුරුම් පෙස්සමක් මඟින් දීර්ඝ කාලයක් ඉල්ලා සිටියත් එවැනි කාලයක් ලබාදිය නොහැකි බව දන්වා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සති දෙකක කාලයක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශය ලබාදිය යුතු බව සඳහන් කරමින් පසුගිය අඟහරුවාද දින හිටපු ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දුන් බවට කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මින් පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම ප්‍රකාශයක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් ඉකුත් දහවැනිදාට පෙර ලබා දෙන මෙන් කොමිෂන් සභාවෙන් ඔහුට දැනුම් දීමක් කර තිබුණා.

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කරළියට

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කරළියට

අඳාළ දැනුම් දීමට අනුව හිටපු ජනාධිපතිවරයා ඉකුත් නවවැනිදා නීතීඥයකුගේ මාර්ගයෙන් දිවුරුම් පෙත්සමක් කොමිසම වෙත භාර දෙමින් ඉල්ලා තිබුණේ දේපළ හා වත්කම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා වාර්තාවක් ලබා දීමට දීර්ඝ කාලයක් ගත වන බැවින් ඒ සඳහා දීර්ඝ කාලයක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් නීතීඥයකුගේ මාර්ගයෙන් එවා තිබූ එම ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ උසස් නිලධාරීන් ඉකුත්දා සාකච්ඡා කර මෙවැනි තීරණයක් ගෙන ඇති බවට එම කොමිෂන් සභා ආරංචි මාර්ග හෙළි කර ඇති බව සඳහන්.

අඳාළ දිවුරුම් ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සහ බැරකම් පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2015 වසරේ දී ආරම්භ කරන ලද විමර්ශනයකට අදාළව බවද කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ. 

කොළඹ මැයි රැලි නෑ - ටිල්වින් රටටම හේතුව පහදයි

කොළඹ මැයි රැලි නෑ - ටිල්වින් රටටම හේතුව පහදයි

හැක් කරපු කෙනා කෝල් කරලා කියලා...මාස 8ක් හංගලා - ලංකාව කළඹපු මහා පරිමාණ වංචාව ගැන නාමල් කට අරී

හැක් කරපු කෙනා කෝල් කරලා කියලා...මාස 8ක් හංගලා - ලංකාව කළඹපු මහා පරිමාණ වංචාව ගැන නාමල් කට අරී