කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

Report

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.

මෙම ලිපිය අද දින 2026.05.09 දින කාල්ටන් නිවස්ට භාරදී ඇත.පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් භාරදී නොතිබිනි.

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

"මාවත් එල්ලෙන්න පොළඹවනවා" - කපිල චන්ද්‍රසේන මියයන්න පෙර ලියූ දිවුරුම් ප්‍රකාශයෙන් හෙළිවන බරපතල අනාවරණය

කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මියගිය පසු පැය 24 ක් යන්නට මත්තෙන් මෙම ලිපිය ලැබී ඇත. කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කර කටඋත්තරය ලියාගත් බවට දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ලබාදී තිබිණි.

ඊට අදාළ දිවුරුම් ප්‍රකාශය පහතින්,

Gallery