ව්‍යාපාරිකයාගෙ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට ..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Oct 02, 2024 01:37 AM GMT
Piyumika

Piyumika

Report

කප්පම් ලබා නොදීමේ සිද්ධියක් මුල්කරගෙන හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුව නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පසුගිය සදුදා  (30) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ආනයනික සෞඛ්‍යට අහිතකර පොල්තෙල් රට පුරා..

ආනයනික සෞඛ්‍යට අහිතකර පොල්තෙල් රට පුරා..

ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නන්ගර නැමැති පාතාල කල්ලි සාමාජිකයා මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර මේ සමගම ඔහු කප්පම් ඉල්ලූ ව්‍යාපාරිකයන් පිරිසක් එම ප්‍රදේශයේ නිවෙස් අතහැර ගොස් ඇති බව පොලීසිය පවසයි.

එම ව්‍යාපාරිකයන් ඔහුගේ මරණ තර්ජනවලට ඇති බිය හේතුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කර ඇත.

මෙම සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරෙමින් පවතී.

බස් රථ අනතුරකින් ළමුන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට..(VIDEO/PHOTO)

බස් රථ අනතුරකින් ළමුන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට..(VIDEO/PHOTO)

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී 8.15ට පමණ පැමිණි නාඳුනන තුවක්කුකරුවකු එහි පදිංචිව සිටි ව්‍යාපාරිකයාව ඝාතනය කර තිබුණි. වෙඩික්කරු අපරාධය සඳහා නිවසෙහි වූ තාප්පයකින් පැන පැමිණෙන අයුරු සහ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු වෙඩික්කරු පළා යන ආකාරය ද සීසීටීවී කැමරාවක සටහන්වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වජිර නිශාන්ත නමැති 55 හැවිරිදි ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ නිවසට 2021 වසරේ ද වෙඩි තබා ඇති අතර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයකට ද ගිනි තබා ඇත. ලලිත් කන්නන්ගර නමැත්තා මීට පෙර අවස්ථා ගණනාවකදීම ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම මුදල් ලබානොදීම නිසා ඔහුට හා පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන සිදුකර තිබේ.

බස් ගාස්තු අඩු වුනා වගේ ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු වෙයි .. ?

බස් ගාස්තු අඩු වුනා වගේ ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු වෙයි .. ?

අවසන් කාලයේදී අදාළ ව්‍යාපාරිකයා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලලිත් කන්නන්ගර නමැත්තා උරණව සිට ඇති බව පොලීසිය පවසයි.

ලලිත් කන්නන්ගර බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කිරීමට කොළඹට පැමිණි මුල් අවධියේ ඔහුව සිය නිවසේ රඳවාගෙන උදව් උපකාර කරනු ලැබ ඇත්තේද ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා විසිනි. එමෙන්ම අදාළ පුද්ගලයාට රියදුරු බලපත්‍රය ද සකස්කර දී ඇත්තේ, ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා බව පොලීසිය සඳහන් කළේය.