වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් ලොරියකට යට කරන්න හදලා

Report

පොලිස් නිලධාරීන් පිරිසක් අනවසර වැලි ගොඩදැමිමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට ගිය ලොරි රථයකට යට කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කර ඇත.

ඒ සමන්තුරේ නෙයිනකාඩු ප්‍රදේශයේදීයි.

නෙයිනකාඩු ගල්ඔය ගගෙන් අනවසර වැලි ගොඩදැමීම් සිදුවන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණි.

 ඒ අනුව කළ වැටලීමේ දී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට උත්සාහ කර තිබේ.

එහිදී තම ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ලොරි රථයට වෙඩි තබා ඇත.

කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

එම අවස්තාවේදී සැකකරුවන් පලා ගොස්  ඇත.

පොලිස් නිලධාරීන් කිලෝ මීටර් 15ක් පමණ ඔවුන් හබා ගොස් ඇති අතර එහිදී ලොරි රථයේ රියදුරු පලා ගිය ඇති බව වාර්තා වේ.

පොලිස් භාරයට ගත් ලොරි රථය සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ගල්ඔය ගඟේ නීති විරෝධි වැලි ගොඩදැමීම් ඉහළ යාම හේතුවෙන් ගං ඉවුරට දැඩි හානි සිදුව තිබෙන බව වාර්තා වේ

සරසවි සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්

සරසවි සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්