පොලීසියටත් කරදරයක් - රාජකාරිය කළ පොලිස් නිලධාරීන්ට පිහියකින් පහරදී නිල ඇඳුම් ඉරලා - අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිලඇඳුම ඉරා දැමූ බව පවසන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අනතුරුදායක ලෙස ලොරි රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීයි.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.
අඳාළ සැකකරු පළාතොට පාර දෙස සිට කටුකුරුන්ද දෙසට ලොරි රථය ධාවනය කර තිබෙන අතර, නාගොඩ හන්දියේ මාර්ග බාධකයේදී නවතා පරීක්ෂා කිරීමේදී ඇතිවූ කතාබහකින් පසුව මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර, සැකකරු විසින් එල්ල කරන ලද පිහිතල ප්‍රහාරයකින් එක් නිලධාරියකුගේ වම් අතෙහි කැපුම් තුවාලයක් සිදුවී ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.