ස්ථානාධිපතිවරයාගේ නිවසට පැන ලක්ෂ ගාණක බඩු හොරකම් කරලා

Report

කළුතර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ කළුතර නාගොඩ ක්වින්ස් රෙසිඩන්ස් හි නිවස බිද වර්ග 17 කින් යුත් විදේශීය මත්පැන් බෝතල් තොගයක් සහ රුපියල් ලක්ෂ 9 කට ආසන්න වටිනා මුදල් සොරාගෙන යැවුණු බව කළුතර දකුණ පොලිසිය පවසයි.

සොරකම් කරන දේ අතර රුපියල් 373,000, රුපියල් 270,000 වටිනා අත් ඔරලෝසු තුනක්, කැරට් එකට අඩු කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 150ක්, ස්මාට් ජංගම දුරකථන දෙකක්, ඉස්තරම් වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් තොගයක්, සහ දේශීය මත්පැන් තල් අරක්කු බෝතල් දෙකක් ඇතුළත් බවද පොලිසිය සඳහන් කරයි.

දරුවෝ විභාගේ ලිව්වට ලකුණු දෙන්නැල්ලු

දරුවෝ විභාගේ ලිව්වට ලකුණු දෙන්නැල්ලු

පැමිණිලිකාර උප පොලිස් පරීක්ෂකවරයා වැල්වැටිතුරේ පොලිසියේ සේවය කරමින් සිටියදී උණ රෝගය වැළඳීම හේතුවෙන් නිවසේ තනිවම නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබේ. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා 5 වැනිදා කළුතර නගරයේ පෞද්ගලික වෛද්‍යවරයකු හමුවූ අතර, පසුව ඥාතියකු ආරවුලක් සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ දැනුම් දීම අනුව 10.30 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ නිවස විවෘතව තිබූ බව පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

දිට්වා කුණාටුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ටත් මරණ සහතික

දිට්වා කුණාටුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ටත් මරණ සහතික

පරීක්ෂකවරයා කළ වැඩිදුර පරීක්ෂාවකදී නිවසේ දකුණු පස පිහිටි ජනේලය කඩා යම් කිසි අයකු නිවසට ඇතුළු වී තිබෙන බව දැක ඇති අතර, නිවසේ සියලුම දේපල ඇද දමා තිබූ ආකාරය, අල්මාරිය, කණ්ණාඩිය සහ මේසය මත තිබූ අත් ඔරලෝසු, සාලයේ ටී පෝ මත තිබූ අත් ඔරලෝසු සහ අනෙක් වටිනා දේපල සොරාගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇත.