දිට්වා කුණාටුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ටත් මරණ සහතික
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය නිසා අතුරුදන් වූ පුද්ගලයන් 203 දෙනෙකුට මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පසුගිය 2 වැනිදා රජය නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් අනුව, හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයකු සති 2කට පසුවත් සම්බන්ධ තොරතුරක් නොලැබේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කළ හැකි බව සඳහන් කර තිබේ.
මෙම සහතික නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ආපදා තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සඳහා රජයෙන් ලබාදෙන වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමයි.
අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් පුද්ගලයකු, ඥාතියකු හෝ මිතුරකු අතුරුදන් වී ඇති බව තහවුරු කළහොත්, එම දිස්ත්‍රික් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්ට මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමේ බලය පවරා තිබේ.
ආපදාවට ලක් වූ පුද්ගලයා සම්බන්ධයෙන් විරෝධතා මතු නොවන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අයැදුම්පත අනුමත කර, රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් බලය පවරා ඇති ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අනුමැතිය ලබා මරණ ලියාපදිංචි සහතික නිකුත් කෙරේ.