"තවත් එපා.. බලගතු රටවල් මැදිහත් වෙන්න" - මහින්ද
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු බවත්, එයට බලගතු රටවල් මැදිහත් විය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (02) ප්‍රකාශ කළේය.
හෝමාගම ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාර භූමියේ අද පැවති "සද්ධර්ම වර්ෂා" ධර්මදේශනයට සහභාගි වූ අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"යුද්ධය අවසන් කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. අනෙක් බලගතු රටවල් මැදිහත් වෙන්න ඕනේ කියලා මගේ විශ්වාසය"
යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවසීය.